ව්‍යාපෘති ප්‍රගති වාර්තාව 2012 මාර්තු 22

 

01 වන ව්‍යාපෘතිය:  සාගලපුර විදුහල, බිංගන්තලාව, කඳපොල.

වලපනේ අධ්‍යාපන කලාපය, මධ්‍යම පලාත

මෙය අප විසින් පළමුවෙන්ම දියත් කිරිමට නියමිතවු පාසැල් විද්‍යාගාරය වන අතර එහිදි අප නව පරිගණක ලබා දීමට පොරොන්දු චිය. නව පරිගණක ලැබුනු විගස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැක. මෙම විද්‍යාගාරය සඳහා පාසැල තුළ සුදුසු ඉඩක් තිබෙන අතර ප්‍රදේශයේ දේශපාලනඥයකු විදුලි සැපයුම ලබා දීමට පොරොන්දු වී ඇත.

සාරාංශය: ව්‍යාපෘතිය ඇරඹීමට අවශ්‍ය නව පරිගණක ගණන 5 කි.

සටහන: නව පරිගණක 5ක් හැකි ඉක්මනින් අවශ්‍යව ඇත.

සම්බන්ධීකාරක: අතුල හේරත්  0718-217443

 

02 වන ව්‍යාපෘතිය: මලල්ගොඩ සිරි සීවලි ප්‍රාථමික විද්‍යාලය, අහංගම, (ගාල්ල අධ්‍යාපන කලාපය)

දැනට එක් පරිගණකයක් මගින් ක්‍රියාත්මක වේ. සිංහල අවුරුද්දෙන් පසුව තවත් භාවිත කළ පරිගණක 3ක් එක් කිරිමේ හැකියාව ඇත.

සටහන: 2012 මාර්තු 21 වන දින මෙම පාසැල නිරීක්ෂණයට  ආසියානු සංවර්ධන බැංකු නිළධාරින් සමග  පලාත් අධ්‍යාපන කාර්යයාලයේ නිළධාරින් එක් විය.

වෙනත් අවශ්‍යතා: විදුලි රැහැන් ඇදීමට සහ පරිගණක ජාලකරණය සඳහා උපකරණ අවශ්‍යව ඇත.

සම්බන්ධීකාරක:  බන්දුල පුෂ්පකුමාර 0716-146331

 

03 වන ව්‍යාපෘතිය: දෙකටන ප්‍රාථමික විද්‍යාලය, දෙකටන (ගම්පහ දිස්ත්‍රික්කය)

පාසැල තුළ එක් පරිගණකයක් දැනට ඇත.

සටහන: පරිගණක 4ක් අවශ්‍යයි

සම්බන්ධීකාරක: බන්දුල රණතුංග 0714-315426

 

04 වන ව්‍යාපෘතිය: හේරත් හල්මිල්ලැව විද්‍යාලය, කැබිතිගොල්ලෑව

භාවිත කළ පරිගණක කිහිපයක් දැනට ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි. බොහෝ දුරට මෙය සාර්ථක විය හැක.

සටහන:

මූලික පුහුණු වැඩසටහන සඳහා රජරට විශ්ව විද්‍යාලයේ හෝ ඒ අනුරාධපුරය ආශ්‍රීතව ලිනක්ස් දැණුම ඇති මිතුරන්ගේ සහාය අවශ්‍ය වේ.

භාවිත කළ පරිගණක යළි භාවිතයට සුදුසු ලෙස සැකසීම සඳහා අතුල හේරත්, තුසිත කුමාර යන ගුරුවරුන්ගේ තාක්ෂණික ශ්‍රම දායකත්වය හිමි වේ.

භාවිත කළ පරිගණක යළි භාවිතයට සුදුසු ලෙස සැකසීම සඳහා අවශ්‍ය වන දේ සපයා දීමට දායකත්වයක් අවශ්‍ය වේ. (උදා: කැපැසිටර්, IC, …)

සම්බන්ධීකාරක: තාරක තිසේරා,  0718-665002

 

 පරිත්‍යාග

  1. බුද්ධික සිද්ධිසේන මිතුරා තම භාවිත කළ පරිගණකය නඩත්තු කිරිමෙන් පසුව ලබා දීමට කැමැත්ත පළකර ඇත.
  2. ගයාන් කල්හාර හරහා භාවිත කළ පරිගණක 3ක් ලැබීමට නියමිතයි.
  3. පුද්ගලික ආයතනයකින් නව පරිගණකයක් ලබා දීමට එකඟ වී ඇත. සදීප පල්ලියගුරු මිතුරා සිදු කළ ප්‍රචාරණයකින් එම අවස්ථාව හිමි විය.
  4. LSTP  තාක්ෂණික දැණුම ලබා දීමට මිහිර ප්‍රනාන්දු කැමැත්ත පල කරන ලදි.

 

ඔබට කළ හැකි දේ…

ඉහත සඳහන් ව්‍යාපෘති 4 දැනට නිම කර ගැනීමට අවශ්‍ය සහාය හැකි ඉක්මනින් ලබා දීමට එක්වන්න.

ඔබටත් මෙම සත් කාර්යයට දායක වීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

තවත් මිතුරකුට මේ ගැන කීම මඟින් මෙම ව්‍යාපෘතියෙන් උදව් අවශ්‍ය පාසැල් මෙන්ම දායකත්වය දීමට කැමති මිතුරන් එක් රැස්කර දීමද මෙම ව්‍යාපෘතියට දායක විය හැකි ක්‍රමයකි. එමෙන්ම බ්ලොග් අඩවි, Facebook, Twitter, Google+ හරහා මෙන්ම ආයතනයේ රැස්වීම් අවස්ථාවන් වලදි මේ ගැන ජනතාව අතරට ගෙනයාමෙන් ඔබට මුදල් වියදම් කිරිමකින් තොරව දායක විය හැක.

 

Leave a Comment

Filed under සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>