1.0 හන්තාන පිළිබඳ
  1. හන්තාන යනු...
  2. හන්තාන හි අඩංගු මෘදුකාංග
  3. හන්තාන සහ ෆෙඩොරා හි වෙනස
  4. හන්තාන භාවිතයෙදි කල් ඉකුත් වීමක් සිදුවනවාද?
  5. ස්තාපනයට අනුක්‍රමික අංක (සිරියල් අංක) අවශ්‍ය ද?
  6. විකුණුම් මිල කීයද?
  7. පිටපත් කර මිතුරන්ට බෙදාහැරිමට හැකිද?
  8. මෘදුකාංග සඳහා යාවත්කාලීන කිරීම් ලැබෙනවද?
  9. දැනට ඇති අලුත්ම නිකුතුව කුමක්ද?
  10. මීළඟ නිකුතුව කුමක්ද?
  11. හන්තාන භාවිත කළාම උබුන්ටු භාවිතයට අපහසුද?
  12. හන්තාන මත සිංහල ස්ථාපනය කල යුතුද?
2.0 හන්තාන ස්තාපනය
  1. කොහොමඳ හන්තාන ගන්නේ?
  2. හන්තාන වින්ඩොස් සමඟ ඩුවල් බූට් යෙදිය හැකිද?
  3. අවශ්‍ය කරන දෘඩාංග
3.0 හන්තාන භාවිතය සහ මෘදුකාංග ස්තාපනය
  1. හන්තාන දැමු පසු මා මුලින්ම කලයුත්තේ මොනවද?
  2. කොහොමද අළුතින් අන්තර් ජාලය හරහා මෘදුකාංග ස්ථාපනය කරන්නේ? (How to use yum)
  3. හන්තාන සදහා skype ස්ථාපනය කල හැකිද?
  4. කොහොමද RPM ගොනුවක් මගින් මෘදුකාංග ස්ථාපනය කරන්නේ? (How to use an RPM)
  5. කොහොමද ස්ථාපනය කර තිබෙන මෘදුකාංග ඉවත් කරන්නේ?
  6. කොහොමද වෙනත් අකුරු වර්ග ස්ථාපනය කරන්නේ?
  7. මගේ NTFS (Windows NT/2000/XP/2003) පාටිශන් බලාගන්නේ කොහොමද?
  8. මගේ LAN එකෙ තියෙන වෙනත් පරිගණකයක දත්ත ගන්නේ කොහොමද ?
  9. කොහොමද හන්තාන ජාලකරන සැකසුම් හදන්නේ?
  10. Gtalk, Yahoo, AOL භාවිත කරන්නේ කොහොමද?
  11. කොහොමද Windows සමග වැඩ කරන මෘදුකාංග ස්ථාපනය කරන්නේ?
  12. හන්තාන E-mail (POP3/IMAP) සදහා සහාය දක්වනවාද?
4.0 ගැටලු සහ විසදුම්
  1. හන්තාන ලිනක්ස් තියන ගැටළු විසද ගන්නේ කොහොමද?
  2. මගේ ඩොංගල් එක වැඩ කරන්නේ නැ

1.0 හන්තාන පිළිබඳ

1.හන්තාන යනු...
හන්තාන යනු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් පාදක කරගනිමින්, Fedora සම්මිශ්රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. සාමාන්ය PC පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්ය, ග්රැෆික්, අධ්යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්යතා සපුරාලීමෙයි සමත් වෙයි!

2. හන්තාන හි අඩංගු මෘදුකාංග
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍යය නොවේ. හන්තාන DVD නිකුතුවෙහි Gnome ඩෙස්ක්ටොප් පරිසරය ද, හන්තාන CD නිකුතුවෙහි XFCE ඩෙස්ක්ටොප් පරිසරය පෙරනිමියෙන් පැමිනේ. හන්තාන DVD හි අන්තර්ගත මෘදුකාංග .



3. හන්තාන සහ ෆෙඩොරා හි වෙනස
හන්තාන හා ෆෙඩෝරා ගත් කල හන්තාන ලිනක්ස් බහුමාධ් කේතක ගණනාවක් පෙරනිමියෙන්ම ඇතුලත් වී ඇත. තවද හන්තාන පෙරනිමියෙන් සිංහල හා දෙමල භාෂා සදහා සහය දක්වයි. කාර්යාලීය වැඩ කටයුතු සදහා අවශ්‍යය මෘදුකාංගද මෙය සතුව පවතී. කෙටියෙන්ම කියතොත් හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්ය, ග්රැෆික්, අධ්යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්යතා සපුරාලීමට හැකිවෙයි.

4. හන්තාන භාවිතයෙදි කල් ඉකුත් වීමක් සිදුවනවාද?
නැත. එහෙත් ඔබට අවශ්‍යය නම් අපගේ නවතම නිකුතුව ස්ථාපනය කරගැනීමට හැකිය.

5. ස්තාපනයට අනුක්‍රමික අංක (සිරියල් අංක) අවශ්‍ය ද?
නෑ ඒ කිසිවක් අවශ්‍යය නෑ

6. විකුණුම් මිල කීයද?
නොමිලේ :)

7. පිටපත් කර මිතුරන්ට බෙදාහැරිමට හැකිද?
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

8. මෘදුකාංග සඳහා යාවත්කාලීන කිරීම් ලැබෙනවද?
ඔව්................. ඔව් ඔබට yum update මගින් නවතම යාවත්කාලීන ලබාගැනීමට පුළුවන්.

9. දැනට ඇති අලුත්ම නිකුතුව කුමක්ද?
14.5

10. මීළඟ නිකුතුව කුමක්ද?
15

11. හන්තාන භාවිත කළාම උබුන්ටු භාවිතයට අපහසුද?
නැ,...................................

12. හන්තාන මත සිංහල ස්ථාපනය කල යුතුද?
නෑ. හන්තාන පෙරනිමියෙන්ම සිංහල හා දෙමල භාෂාවන්ට සහය දක්වයි.
 

2.0 හන්තාන ස්තාපනය

1. කොහොමඳ හන්තාන ගන්නේ?
ඔබට අන්තර්ජාල පහසුකම් තිබේ නම් මේ සබැදිය (http://sourceforge.net/projects/hanthana/files/11.1/Hanthana-11.1.iso/download) හරහා බාගත කරගැනීම සිදුකල හැකියි. torrent හරහා භාගත කිරීමට මෙම සබැදිය (http://sourceforge.net/projects/hanthana/files/11.1/Hanthana-11.1.iso.torrent/download) භාවිත කරන්න. ඔබට අන්තර්ජාල පහසුකම් නොමැති නම් අපගේ නියෝජිතකයෙකු හට CD තැටියක් ලබා දිමෙන් එය ලබා ගැනීමට පුළුවන. අපගේ නියෝජියන් මෙම සබැදියෙන් http://www.hanthana.org/media.php බැලීමට හැක.

2. හන්තාන වින්ඩොස් සමඟ ඩුවල් බූට් යෙදිය හැකිද?
ඔව්

3. අවශ්‍ය කරන දෘඩාංග
 

3.0 හන්තාන භාවිතය සහ මෘදුකාංග ස්තාපනය

1. හන්තාන දැමු පසු මා මුලින්ම කලයුත්තේ මොනවද?
1. ප්‍රථමයෙන් ඔබ කල යුත්තේ root පරිශීලක වෙත මාරු වීමයි. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
2. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න.
3. ඉන්පසුව yum update විධානය ලබා දෙන්න. (මෙමගින් හන්තානහි කොෂ්ටාගාරය යාවත්කාලීන සිදුවේ)

2. කොහොමද අළුතින් අන්තර් ජාලය හරහා මෘදුකාංග ස්ථාපනය කරන්නේ? (How to use yum)
1. මෘදුකාංග ස්ථාපනය කිරීමට ප්‍රථම ඔබ කල යුත්තේ root පරිශීලක වෙත මාරු වීමයි. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
2. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න.
3. ඉන්පසු ඔබට ස්ථාපනය කිරීමට අවශය මෘදුකාංගයේ නම yum install වලට පසුව යොදන්න. උදාහරණ - ඔබට ස්ථාපනය කරගැනීමට අවශ්‍යය වනුයේ VLC යැයි සිතමු. ඔබ එසේ නම් “yum install vlc” ලෙස යොදන්න.

3. හන්තාන සදහා skype ස්ථාපනය කල හැකිද?
ඔව්. පෙර කී පරිදි yum install skype මගින් skype ස්ථාපනය කල හැක.

4. කොහොමද RPM ගොනුවක් මගින් මෘදුකාංග ස්ථාපනය කරන්නේ? (How to use an RPM)
1. මෘදුකාංග ස්ථාපනය කිරීමට ප්‍රථම ඔබ කල යුත්තේ root පරිශීලක වෙත මාරු වීමයි. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
2. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න.
3. ඉන්පසු ඔබගේ rpm ගොනුව තිබෙන තැනට යන්න.
4. ඉන්පසු rpm -i vlc.rpm (ස්ථාපනය කිරීමට අවශ්‍යය RPMගොනුවේ නම) යන විධානය යොදන්න.

5. කොහොමද ස්ථාපනය කර තිබෙන මෘදුකාංග ඉවත් කරන්නේ?
1. මෘදුකාංග ඉවත් කිරීමට ප්‍රථම ඔබ කල යුත්තේ root පරිශීලක වෙත මාරු වීමයි. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
2. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න.
3. ඉන්පසු ඔබට ඉවත් කිරීමට අවශය මෘදුකාංගයේ නම yum remove වලට පසුව යොදන්න. උදා හරණ- ඔබට ඉවත් කරගැනීමට අවශ්‍යය වනුයේ VLC යැයි සිතමු. ඔබ එසේ නම් “yum remove vlc” ලෙස යොදන්න.

6. කොහොමද වෙනත් අකුරු වර්ග ස්ථාපනය කරන්නේ?
1. ප්‍රථමයෙන් ඔබ කල යුත්තේ root පරිශීලක වෙත මාරු වීමයි. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
2. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න
3. ඉන්පසු nautilus යන විධානය ලබාදෙන්න
4. දැන් nautilus වින්ඩෝව විවෘත වූ පසු. /usr/share/fonts නැමති බහාළුමට ස්ථාපනය කිරීමට අවශ්‍ය font file එක පිටපත් කරන්න.
5. ඉන් පසු fc-cache -f -v ලෙස ලබාදෙන්න

7. මගේ NTFS (Windows NT/2000/XP/2003) පාටිශන් බලාගන්නේ කොහොමද?
1.

8. මගේ LAN එකෙ තියෙන වෙනත් පරිගණකයක දත්ත ගන්නේ කොහොමද ?

9. කොහොමද හන්තාන ජාලකරන සැකසුම් හදන්නේ?

10. Gtalk, Yahoo, AOL භාවිත කරන්නේ කොහොමද?
මේ සදහා ඔබට Empathy භාවිතා කල හැකිය. මෙය Gtalk, Yahoo, AOL පමණක් නොව MSN, IRC, Salut, AIM, Facebook, Gadu Gadu, Groupwise, ICQ and QQ සදහාද සහය දක්වයි

11. කොහොමද Windows සමග වැඩ කරන මෘදුකාංග ස්ථාපනය කරන්නේ?
මේ සදහා Wine භාවිතා කල හැකියි. හන්තාන DVD නිකුතුවෙහි පෙරනිමියෙන්ම wine පැමිනේ. හන්තාන CD නිකුතුවට wine ස්ථාපනය කරන අයුරු පහත දැක්වේ.
1. ප්‍රථමයෙන් ඔබ කල යුත්තේ root පරිශීලක වෙත මාරු වීමයි. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
2. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න
3. ඉන් පසු yum install wine යන විධානය ලබා දෙන්න.

12. හන්තාන E-mail (POP3/IMAP) සදහා සහාය දක්වනවාද?
ඔව්

4.0 ගැටලු සහ විසදුම්

1. හන්තාන ලිනක්ස් තියන ගැටළු විසද ගන්නේ කොහොමද?
මේ සදහා හන්තාන ගූගල් සමූහයට සම්බන්ධ වී එමගින් ගැටළු විසදාගැනීමට පුළුවන්. හන්තාන ගූගල් සමූහයට සම්බන්ධ ‍වීම සදහා මෙම සබැදිය පාවිච්චි කරන්න http://groups.google.com/group/hanthana-community

2. මගේ ඩොංගල් එක වැඩ කරන්නේ නැ
1. ප්‍රතමයෙන්ම ඩොංගල් එක පරිගණකයට සම්බන්ධ කරන්න.
2. ඉන්පසුව root පරිශීලක වෙත මාරු වෙන්න. ඒ සදහා ටර්මිනලය විවෘත කර “su” විධානය ලබා දෙන්න.
3. ඉන්පසු root පරිශීලකගේ රහස් පදය ලබා දෙන්න
4. ඉන්පසු yum update විධානය දෙන්න.
5. දැන් ඩොංගල් එක ගලවා නැවත සම්බන්ධ කර බලන්න.
6. තමවත් ඩොංගල් එක වැඩ නොකරන්නේ නම් හන්තාන ගූගල් සමූහයට වෙත මෙම ගැටළුව ඉදිරිපත් කරන්න.